ආග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තෙදින ඉන්දීය සංචාරයක.....

January 31, 2020

 

 

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනයකට අනුව ආග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ලබන මාසයේදී තෙදින ඉන්දීය සංචාරයක නිරතවීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

පෙබරවාරි 07වනදා ඉන්දියාවට පැමිණෙන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා 11 වන දින දක්වා ඉන්දියාවේ රැඳී සිටිමින් ද්විපාර්ශවික සාකච්ඡාවල නිරතවනු ඇත.අග්‍රාමාත්‍යවරයා ඉන්දීය සංචාරයේදී වරණාසි, සාරානාත්, බුද්ධගයා සහ තිරුපති යන ප්‍රදේශවලද සංචාරය කිරීමට නියමිතයි. 
මොරටුව බෞද්ධ මන්දිරස්ථ සෑ රඳුන් වහන්සේගේ කොත නිරාවරණය කිරීම වෙනුවෙන් පැවති උත්සවයකදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් තදබල ලෙස පියවර ගැනීමට පොලීසියට දැනුම් දී ඇති බව සඳහන් කළේය.
 

Share on Facebook
Share on Twitter
Please reload

Featured Posts