ශ්‍රී ලංකා ටෙලිකොම් සමග ස්ථාවර රැහැන් රහිතව  5G ලගදීම.....

January 29, 2020

 

 

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඩිජිටල් සේවා සැපයුම්කරු වන ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම තම ඩිජිටල් සන්නිවේදන ගමන්මඟේ නවතම සන්ධිස්ථානයකට පැමිණ තිබේ. ඒ, ස්ථාවර රැහැන් රහිතව  5G බ්‍රෝඩ්බෑන්ඩ් පහසුකම ශ්‍රී ලාංකිකයන්ට සැපයීමයි.

ගෘහස්ථ පාරිභෝගිකයාගේ සිට රාජ්‍ය ආයතන, බහු ජාතික සමාගම් ඇතුළුව සෑම තරාතිරමකම ආයතන හා නිවාස වෙත නවීන සන්නිවේදන පහසුකම් ලබාදෙමින් මිලියන 1.6කට වැඩි පාරිභෝගික ප්‍රජාවකට සේවා සපයන, වසර 160ට වැඩි කාලයක් ජාතියේ සන්නිවේදකයා වූ  ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම, විශ්වාසකරනු ලබන්නේ නවීන හා උසස් තාක්‍ෂණික විධික්‍රම භාවිත කරමින් සෑම තැනකටම අතිශය වේගවත් ජාලයන් හිමිවියයුතු බවයි. ඒ අනුව, ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම 5G තාක්ෂණයෙන් වේගවත් බ්‍රෝඩ්බෑන්ඩ් සේවාවක් තම පාරිභෝගික ජනතාව වෙත පිරිනැමීම සඳහා මේවනවිට සියළු අත්හදා බැලීම් සිදුකොට අවසන්ය.

වේගවත් හා අඛණ්ඩ වීඩියෝ සේවා ලබා ගැනීමට ගෘහස්ථ පාරිභෝගිකයින් පවා උනන්දු වන අතර ඔවුන්ගේ දුරකථන, ලැප්ටොප්, ටැබ්ලට් සහ වෙනත් ස්මාර්ට් උපාංග සඳහා අන්තර්ජාල පහසුකම අවශ්‍ය වේ. එම ඉල්ලීම ඉතා විශිෂ්ඨ ලෙස සපුරාලීමට 5G සේවාවත් සමග අවස්ථාව උදාවේ. රැහැන් රහිත අධිවේගී 5G බ්‍රෝඩ්බෑන්ඩ් සේවාව නිවාසවලට මෙන්ම ව්‍යාපාරවලටද ඉතාමත් ආකර්ශනීය සේවාවක් වනු ඇත.

අත්හදා බැලීමේදී 5G බ්‍රෝඩ්බෑන්ඩ් සේවාව 1.7Gbps වේගයක් වාර්තා කර තිබේ. අත්හදා බැලීම අති සාර්ථකව අවසන්කොට ඇති නව 5G සේවාව ශ්‍රී ලංකාවේ මහා පරිමාණ ව්‍යාපාරිකයින්හට මෙන්ම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ටද මේ වනවිට තම ව්‍යාපාර නවීන ලෝකයට හා පාරිභෝගික අවශ්‍යතාවයන්ට ගැලපෙන ලෙස පවත්වාගෙන යාම සඳහා අධිවේගී අන්තර්ජාල සේවාව අත්‍යවශ්‍ය වන බැවින්, එම ව්‍යාපාර නංවාලීමට SLT 5G සේවාව මහඟු අවස්ථාවක් වනු ඇති බව ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම විශ්වාසය පලකරයි. බැංකු කටයුතු, මදුල් අයකර ගැනීම් සහ ගෙවීම් වැනි මුල්‍ය කටයුතු සඳහා කාලය හා ශ්‍රමය වැය නොකොට, තම ගනු දෙනු වේගවත්ව අධිවේගී අන්තර්ජාල සේවාව මගින් පහසු කරගැනීමටද ඔවුනට අවස්ථාව හිමිවේ.  මේ කටයුතු සපුරාගැනීම සඳහා ඇති හොඳම විසඳුම නවතම SLT 5G බ්‍රෝඩ්බෑන්ඩ් සේවාව වන බව අපගේ විශ්වාසයයි.

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ (TRCSL) අධීක්ෂණය මත කරන ලද අත්හදා බැලීම්වලදී 3.5Ghz සංඛ්‍යාත පරාසය තුළ ස්ථාවර 5G සේවාවන් ඉතාමත් විශ්ෂ්ඨ අයුරින් ලබා දීමේ හැකියාව ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම තහවුරු කරගනු ලැබීය. මේ අනුව, දිනෙන් දින අත්‍යාවශ්‍ය සේවාවක් බවට තීව්‍ර වෙමින් පවතින ඩිජිටල් තාක්ෂණික පහසුකම ශ්‍රී ලංකාවට උසස් මට්ටමින් ලබාදීම 5G තාක්‍ෂණය බලගැන්වීමේ අපේක්ෂාව වේ. කරනලද සාර්ථක අත්හදා බැලීම හමුවේ ඉතා වේගවත්, උසස් හා පුළුල් ඩිජිටල් සේවාවක් තම පාරිභෝගික ජනතාව වෙත ලබාදීම ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ බලාපොරොත්තුව වේ.

දැනට පවතින බ්‍රෝඩ්බෑන්ඩ් සබඳතා ඔස්සේ එකවර උපාංග කිහිපයකට සම්බන්ධතාවය ලබාදීමේදී ඇතිවන අන්තර්ජාලයේ වේගය අඩුවීමේ දෝශයට නව SLT 5G සේවාව නිසි පිළියමක් වනු ඇත. රැහැන් රහිත සබඳතාවයක් ලෙස අති නවීනතම තාක්ෂණයෙන් ඔබ වෙත ලබාදෙන මෙම 5G සේවාව විශ්වසනීයත්වය සහ ඉහළ උපයෝගීතාවයක් ලබාදෙන නවීන ලෝකයේ සෑම පාරිභෝගිකයකුගේම  ගෞරවනීය ප්‍රශංසාව හිමිවූවකි.

ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු හා සන්නිවේදන ප්‍රමුකයා වන ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම (SLT) විසින් සපයනු ලබන මෙම 5G සේවාව මගින් වේගය අඩුවකින් තොරව හෝ ප්‍රමාදයන් නොවී ඔබ කැමති තරම් බාගතකර ගැනීමේ සහ නැරඹීමේ පහසුකමද හිමිවේ.

ඔබ කැමති විටක ඔබ කැමති තැනකට