මියුනික් නගරයේ අපූරු පියානෝ වාදනය...

January 28, 2020

 

 

අතිදක්ෂ පියානෝ වාදන ශිල්පියෙකුගේ විස්මිත පියානෝ වාදනයක් පිළිබඳ මේ පුවත වාර්තා වුණේ ජර්මනියේ මියුනික් නගරයෙනි.
පොළොවේ සිට මීටර් 60ක් උසින් සිට ඉදිරිපත් කළ අපූරු පියානෝ වාදනයක් දැකබලා ගැනීමට ජර්මනියේ මියුනිච් නුවර වැසියන්ට පසුගිය සිකුරාදා අවස්ථාව උදාවු විය.
මෙම සමත්කම දැක්වුවේ එරට සිටින අතිදක්ෂ පියානෝ වාදන ශිල්පියෙක් වන ඇලන් රෝෂ් විසිනි.

හිරු උදාවන මොහොතේ පරිසරයේ ඇති ස්වාභාවික ආලෝකය සමග මුහුවෙමින් ඉදිරිපත් කළ ප්‍රසංගය කාගේත් ආකාර්ශනය දිනාගැනීමට සමත්වී තිබේ.
දොඹකර යන්ත්‍රයක් මගින් ඇලන් රෝෂ් සහ ඔහු වාදනය කළ පියානෝව තිරස් අතට සිටින සේ උඩුගුවනට ඔසොවා තිබුණි.

උඩු ගුවනේ සිට රෝෂ් ඉදිරිපත් කළ අපූරු පියානෝ වාදනය ප්‍රේක්ෂකයන් රසවින්දේ පොළවේ ඉදිකරන ලද තාවකාලික ප්‍රේක්ෂකාගාරයක සිටයි.
කෙසේ නමුත් එහිදී පියානෝ වාදනය ඔවුන්ට පැහැදිළිව දර්ශනය වූ බවත් පියානෝ නාදය හොඳින් ඇසුණු බවත් ප්‍රේක්ෂකයන් පැවසූවේය.

මෙම පියානෝ වාදනය සිහිනයක් බඳුවූ බවයි ප්‍රේක්ෂකයන් වැඩිදුරටත් සඳහන් කළේය.
පියානෝ වාදනය ඉදිරිපත් කළ ඇලන් රෝෂ්, 2013 වර්ෂයේ සිට යුරෝපය පුරා සංචාරය කර තිබේ.
 " අවුට් ඔෆ් ද බොක්ස්" නමැති මියුනිච් සංගීත සැණකෙළියේ අවසානය සනිටුහන් කරමින් රෝෂ් මෙම විස්මිත පියානෝ වාදනය ඉදිරිපත් කර තිබුණි.

Share on Facebook
Share on Twitter
Please reload

Featured Posts