චීනයේ රැදි සිටින ශ්‍රී ලාංකික සිසුන් චීනයෙන් පිටත් කර යි.....

January 28, 2020

 

 

 

චීනයේ රැදි සිටින ශ්‍රී ලාංකික සිසුන් 204 දෙනෙකු චීනයෙන් පිටත් කර හැර ඇති බව චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.
වැඩබලන තානාපති කේ.කේ.යෝගනාදන් මහතා සදහන් කළේ අද(2020.01.28) සහ හෙට(2020.01.29) යන දිනවල දී තවත් පිරිසක් ශ්‍රී ලංකාවට එවීමට කටයුතු කරන බවයි.

මේ අතර චීනයේ සිටි ශ්‍රී ලාංකික සිසුන් පනස් දෙනෙකු පමණ ඊයේ(2020.01.28) දිනයේ දිවයිනට පැමිණ තිබේ.
චයිනා ඊස්ටන් ගුවන්සේවයට අයත් ගුවන් යානා දෙකකින් මෙම සිසුන් පිරිස දිවයිනට පැමිණ ඇති අතර අද දිනයේත් තවත් පිරිසක් දිවයිනට පැමිණීමට නියමිත බව වාර්තා වෙයි.
ඊයේ දිනයේ පැමිණි සියලු සිසුන් යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් සිටින බවට සිදුකළ මුලීක පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ.

Share on Facebook
Share on Twitter
Please reload

Featured Posts