චීන චන්ද්‍ර නව වසර පෙරේදා.......

January 27, 2020

 

 

චීන චන්ද්‍ර නව වසර පෙරේදා (2020.01.25) උදා වුණි.
එය සමරමින් ලෝකයේ උසින් වැඩිම ගොඩනැගිල්ල වන ඩුබායි හි පිහිටි බර්ජ් කලීෆා සරසා තිබුණේ මෙලෙසින්.
චීන නව වසර සමරමින් ඩුබායි නුවර බර්ජ් කලීෆා ගොඩනැගිල්ල ආලෝක රටාවලින් වර්ණවත් කර තිබුණි.
චීන මාධ්‍ය ආයතනයක් විසින් මෙම කටයුතු සංවිධානය කර තිබුණි.
සාම්ප්‍රදායික චීන වසන්ත සැණකෙළි අසිරිය සහ ජනමාධ්‍යයේදී භාවිත වන නවීන තාක්ෂණ විධි සංකලනය කළ අපූරු ආලෝක සංදර්ශනයක් පැවැත්වුණි.
ආලෝක සංදර්ශනය සඳහා සික්ස් කේ අධි තාක්ෂණික ක්‍රමවේද යොදා ගැණුනි.

ෆයිව් ජී (5G) තාක්ෂණය යටතේ එම සංදර්ශනය චීනයේද විකාශය කර ඇත.
අලෝක සංදර්ශනය නැරඹීම සඳහා දහස් සංඛ්‍යාත පිරිසක් එක්ව සිටි බවත් විදෙස් වාර්තාවල වැඩිදුරටත් සදහන් වුණි.
ආලෝක සංදර්ශන චීන අක්ෂර රටාවකින් අවසන් වුණි.
සී එම් ජී ආයතනයෙන් ඔබට නව අවුරුදු සුබපැතුම් ලෙසින් එහි සටහන්ව තිබුණි.

Share on Facebook
Share on Twitter
<