යාපනය සරසවි ශිෂ්‍යාවගේ ඝාතනය සිදුවු හේතුව අනාවරණය වෙයි.

January 23, 2020

 

 

යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පිඨයේ අවසන් වසරේ  අධ්‍යාපනය ලබමින් සිටි 29 හැවිරිදි වෛද්‍ය ශිෂ්‍යාවක් ඊයේ(2020.01.22) දහවල්  තියුණු ආයුධයකින් පහර දී  ඝාතනය කර තිබුණි පවුල් ආරවුලක් මත විවාහක වෛද්‍යා ශිෂ්‍යාව 30 හැවිරිදි ඇයගේ ස්වාමිපුර්ෂයා විසින් ඝාතනය  කර ඇති බව පොලීසිය පවසයි.
ඔහු පරන්තන් යුද හමුදා කඳවුරේ සේවයේ නියුතු සෙබලෙකු වන අතර අපරාධය සිදු කිරිම සඳහා භාවිතා කරන ලද ආයුධය සමඟ යාපනය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මොවුන් බේරුවල ප්‍රදේශයේ පදිංචිව සිටි අඹුසැමි යුවලක් වන අතර යාපනය පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Share on Facebook
Share on Twitter
Please reload

Featured Posts