කහටගහ මිනිරන් පතලේ උපවාසය තවදුරටත්....

January 23, 2020

 

පසුගිය 21 වන දින වැටුප් ගැටළු ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් දොඩම්ගස්ලන්ද, කහටගහ පතලේ සේවය කරන  කම්කරුවන් පිරිසක් අඩි 1132 ක ගැඹුරට ගමන් කරමින් ආරම්භ කර ඇති උපවාසය තවදුරටත් ක්‍රියාත්මක කර තිබේ.

සිය ගැටළුවලට විසදුම් ලබාදීමට බලධාරින් මෙතෙක් පියවර නොගැනීම හේතුවෙන් අඛණ්ඩව සිය උපවාසය ගෙන යන බව කම්කරුවන් සඳහන් කළේය.
මෙම ගැටළුව සම්බන්ධයෙන් ඊයේ(22) පැවැති මාධ්‍ය හමුවකදී ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගෙන් අදහස් දක්වමින් පවසා සිටියේ, පැහැදිලි ලෙසම 2010-2015 ප්‍රධාන වශයෙන් විවිධ අය වෘත්තීය ක්‍රියාමාර්ග සඳහා යොමු වු බවයි.

එවැනි අවස්ථාවක දී ප්‍රබල ඝට්ටනයන් ඇති වු බවක් පෙනී ගියේ නැති බවත් ආකල්ප වෙනස් වන විට වෘත්තීය සමිති ක්‍රියාකලාපයන් ද වෙනස් වන බව අමාත්‍යවරයා පැවසීය.
මෙම ගැටළු මනුෂ්‍යත්වය පෙරදැරි කර ගනිමින් විසඳිය යුතු බවත් එහිදී රටේ ශ්‍රම බලකාය ආණ්ඩුව සමඟ අත්වැල් බැඳ ගනු ඇතැයි විශ්වාස කරන බවත් කෙහෙළිය රඹුක්වැල්ල මහතා මෙහිදී කියා සිටියේය.

Share on Facebook
Share on Twitter
Please reload

Featured Posts