වසර අවසාන වීමට පෙර නිවාස 14,022 ක්....

January 17, 2020

 

මෙම වසර අවසාන වීමට පෙර නිවාස 14,022ක් ඉදිකර අවසන් කිරීමට කැබිනට් අනුමැතිය හිමිවූ බව නිවාස පහසුකම් රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පවසයි.

අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකදී රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළ අතර, රජයේ ඉදිරි වැඩපිළිවෙළ සම්බන්ධයෙන්ද එහිදී අදහස් පළ විය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු නිවාස පහසුකම් රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා,
" වත්මන් විපක්ෂ නායක මුදල් නාස්ති කරලා"නිවාස 7000යි හදලා තියෙන්නේ.
ජනතාව පදිංචි නිවාස 5000 ක විතරයි, ඒ පහසුකම් නොමැති නිසා. ඒ නිසා අපෙන් ප්‍රායෝගික වැඩපිළිවෙළක් තියේනවා."

Share on Facebook
Share on Twitter