සන්ධ්‍යා එක්නැලිගොඩගේ මූලික අයිතිවාසිකම් පෙත්සම කල් යයි....

July 10, 2019

ජනාධිපතිවරයා ගත් තීරණය තුළින් සිය මූලික අයිතීන් කඩ වන බව සඳහන් කරමින් අතුරුදන්ව සිටින මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය විසින් ඉදිරිපත් කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමට අදාලව උපදෙස් ලබාගෙන කරුණු දැක්වීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිවරයාට කල් ලබා දී ඇත.

 

සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය විසින් ඉදිරිපත් කළ මෙම  පෙත්සම අද (10) අගවිනිසුරු ජයන්ත ජයසූරිය, ප්‍රසන්න ජයවර්ධන සහ  එල්.ටී.බී දෙහිදෙණිය යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබුවේය.

 

 

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජනරාල්වරයා අධිකරණයට දන්වා සිටියේ අදාළ වගඋත්තරකරුවන්ගේ උපදෙස් ලබාගෙන කරුණු දැක්වීම සඳහා කාලය ලබා දෙන ලෙසයි.

 

ඒ අනුව පෙත්සම සලකා බැලීම සැප්තැම්බර් මස 10 වනදා දක්වා කල් දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

 

Share on Facebook
Share on Twitter
Please reload

Featured Posts

කොළඹ දිස්ත්‍රික්ක ජන්ද ප්‍රථිඵල - සීතාවක ප්‍රාදේශීය සභාව

February 12, 2018

1/1
Please reload

Recent Posts