අයිස් සමග විදේශිකයෙක් අත් අඩංගුවට....

July 8, 2019

 අයිස් නැමති මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශ ගුවන් තොටුපල ඒකකය සමත්ව තිබේ.

 

අද(08) අළුයම  කටුනායක ගුවන් තොටුපල පර්යන්තයේ දී මැලේසියාවේ ක්වාලාලම්පූර් සිට මෙරටට  පැමිණි මගියෙක් සමඟ මෙම මත්ද්‍රව්‍ය සොයා ගෙන ඇත.

 

එහිදී  අයිස් කිලෝ ග්‍රෑම් 2 යි ග්‍රෑම් 623 ක් ඉතා සූක්ෂම ලෙස ගමන් බෑගයේ ව්‍යාජ පතුලක සඟවා ගෙන පැමිණි විදේශීය ජාතිකයෙකු අත්අඩංගුවට පත්ව තිබේ.

 

 

එම පුද්ගලයා වලාඕස් ජාතිකයෙක් බව පොලීස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

අත්අඩංගුවට පත් සැකකරු අද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Share on Facebook
Share on Twitter
Please reload

Featured Posts

කොළඹ දිස්ත්‍රික්ක ජන්ද ප්‍රථිඵල - සීතාවක ප්‍රාදේශීය සභාව

February 12, 2018

1/1
Please reload

Recent Posts