අබ්දුල්ලා යළිත් රිමාන්ඩ්....

July 8, 2019

රාජේන්ද්‍රන් කරුපයියා හෙවත් අබ්දුල්ලා නැමති සේවකයා තවදුරටත් ලබන 15 වන දා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

 

පාස්කු ඉරු දින කොළඹ ෂැංග්‍රිලා හෝටලයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ ඉබ්‍රාහිම් මොහොමඩ් ඉන්සාබ් නැමැත්තාට අයත් බව කියන වැල්ලම්පිටිය ප්‍රදේශයේ පිහිටි තඹ කම්හලේ සේවය කරමින් සිටියදී මෙම සැකකරු අත්අඩංගුවට ගැනිණ.

මෙම සැකකරු අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවට ඉදිරිපත් කෙරිණ. 

 

 

එහිදී විමර්ශන සිදුකරන ත්‍රස්ත මර්දන කාර්යාංශයේ අධිකරණයට දන්වා සිටියේ එම සැකකරු සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදුකරන බවයි. ඒ අනුව, සැකකරු ලබන 15 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කළ මහේස්ත්‍රාත්වරිය එදිනට පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන මෙන් ද නියම කළේය.

Share on Facebook
Share on Twitter
Please reload

Featured Posts

කොළඹ දිස්ත්‍රික්ක ජන්ද ප්‍රථිඵල - සීතාවක ප්‍රාදේශීය සභාව

February 12, 2018

1/1
Please reload

Recent Posts