OIC රටවල් නියෝජනය කරන නියෝජිතයන් සහ විපක්ෂ නායකවරයා අතර හමුවක්....

July 6, 2019

ඉස්ලාමීය සහයෝගිතා සංවිධානයේ (OIC) රටවල් නියෝජනය කරන තානාපතිවරුන් හා මහකොමසාරිස්වරුන්ගේ හමුවක් ඊයේ දින (05) පෙරවරුවේ විපක්ෂ නායක කාර්යාලයේ දි පැවැත්විණි.

 

මෙම හමුවට තුර්කිය, පකිස්ථානය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඇෆ්ගනිස්තානය, ඉන්දුනීසියාව, සෞදි අරාබිය, පලස්තීනය, බංගලාදේශය, කුවෙට් රාජ්‍ය, කටාර්, මාලදිවයින, ඉරානය, ලිබියාව සහ ඉරාකය යන රටවල තානාපතිවරු සහභාගී විය.

පසුගිය පාස්කු ඉරුදින සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය සහ ඉන් පසුව ඇති වී තිබෙන තත්වය පිළිබඳ සාකච්ඡා කිරීම මෙම හමුවේ ප්‍රධානම අරමුණ විය.

පසුගිය පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තරයේ හෙලා දකින බව සියලුම තානාපතිවරු මෙහිදී ප්‍රකාශ කරන ලදී...  . ත්‍රස්ත ප්‍රහාරයට පසු මෙරට වෙසෙන මුස්ලිම් ජනතාව දැඩි අපහසුතාවකට ලක්ව ඇති බැවින් ත්‍රස්තවාදීන් විසින් කළ අමානුෂික ක්‍රියාව නිසා සමස්ථ මුස්ලිම් ජනතාවම එම ත්‍රස්තවාදී ගොඩට නොදමන ලෙස ඔවුන්ගේ ඉල්ලීම විය..

 

 

 

 

ඒ අනුව පාස්කු ඉරිදා සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් තමන්  අනිසි ලෙසට දේශපාලන වාසි ලබා ගැනීමට උපයෝගී කර නොගන්නා බවත්  එසේම මුස්ලිම් ව්‍යාපාරිකයන් සහ ව්‍යාපාර ස්ථාන ප්‍රතික්ෂේප කරන ලෙස කිසිසේත්ම ජනතාවට ප්‍රකාශ කර නැති බවත්  විපක්ෂය ලෙස  සියලුම ශ්‍රී ලාංකිකයන්ගේ අයිතිවාසිකම් සහ ආරක්‍ෂාව වෙනුවෙන් පෙනී සිටින බවත් විපක්ෂ නායකවරයා  මැදපෙරදිග රටවල රාජ්‍ය නායකයින් හමුවේ ප්‍රකාශ කරන ලදී... 

Share on Facebook
Share on Twitter
Please reload

Featured Posts

කොළඹ දිස්ත්‍රික්ක ජන්ද ප්‍රථිඵල - සීතාවක ප්‍රාදේ