ඉකුත් බ්‍රහස්පතින්දායින් පසු තවත් භූ කම්පනයක්.....

July 6, 2019

අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයට ඉකුත් බ්‍රහස්පතින්දායින් පසු  නැවතත් රික්ටර් පරිමාණ ඒකක 7.1ක ප්‍රභල භූ කම්පනයක් ඇතිවී ඇති බවට වාර්තා වනවා....

 

කැලිෆෝනියාවට දශක 2ක කාලයක් තුළ ඇති වූ ප්‍රභලතම භූ කම්පනය මෙයයි.

 

මේ වන විට භූ කම්පනයෙන් අනතුරුව තවත් පසු කම්පන 1,400ක් පමණ වාර්තා වී ඇති බව එරට භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි.

අද ඇති වූ භූ කම්පනය දකුණු දිග කැලිෆෝනියාවේ දැඩි ජනාකීර්ණ නොවන ප්‍රදේශයක හටගත් නිසා මෙතෙක් කිසිඳු ජීවිත හානියක් වාර්තා වී නැත.

 

කෙසේ වුවත් ස්ථාන කිහිපයක විදුලි බිඳ වැටීම සහ දේපළ හානි වාර්තා වෙයි.

 

 

 

ඉදිරියේ දී තවත් භූ කම්පන ඇති වීමේ අවධානමක් පවතින බවයි, ඇතැම් භූ විද්‍යාඥයින් අනතුරු අඟවන්නේ.

Share on Facebook
Share on Twitter
Please reload

Featured Posts

කොළඹ දිස්ත්‍රික්ක ජන්ද ප්‍රථිඵල - සීතාවක ප්‍රාදේශීය සභාව

February 12, 2018

1/1
Please reload

Recent Posts