මඩකලපුව සිදුවීමට අදාළව සිව් දෙනෙකු අත් අඩංගුවට....

July 5, 2019

මඩකලපුව පොලිස් වසමේ පුදුර් ප්‍රදේශයේ දී රථවාහන රාජකාරීයේ යෙදී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහර දීමක් සිදු කර රාජකාරීයට බාධා කිරීම සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් සිව් දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

 

ඊයේ (04) දහවල් 11 ට පමණ මෙම සිදුවීම සිදුව තිබුණේ, පොලිස් නිලධාරින් දෙදෙනා රියදුරු බලපත්‍රය නොමැතිව ගමන් කල යතුරු පැදියක් පරීක්ෂා කර අත්අඩංගුවට ගෙන තිබිණි.

අනතුරුව යතුරුපැදිය පොලිස් ස්ථානයට රැගෙන එන අතර තුර වෙනත් යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් නිලධාරීන්ට බාධා කරමින් මාර්ගය හරස් කර ඇති අතර එම අවස්ථාවේ දී ඔවුන් පැමිණි යතුරුපැදිය බිම ඇද වැටී ඇති අතර, පසුව එම ස්ථානයට පැමිණි ගම්වාසීන් කීප දෙනෙකු විසින් එම නිලධාරීන් දෙදෙනාට පහර දී තිබේ.

 

කෙසේ වෙතත් පසුව නිලධාරින් දෙදෙනාගෙන් එක් අයෙකු සතුව තිබූ රිවෝල්වරයක් හා ජීව පතොරෙම් 5 ක් ද පැහැර ගෙන ගොස් ඇත.

 

 

Share on Facebook
Share on Twitter
Please reload

Featured Posts

කොළඹ දිස්ත්‍රික්ක ජන්ද ප්‍රථිඵල - සීතාවක ප්‍රාදේශීය සභාව

February 12, 2018

1/1
Please reload

Recent Posts