මරණ දඬුවමට එරෙහි පෙත්සම යළි හෙට දිනට ....

July 4, 2019

මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා මාධ්‍යවේදී මාලින්ද සෙනෙවිරත්න මහතා විසින් ඉදිරිපත් කර ඇති පෙත්සම හෙට (05) දිනට කල් තැබීමට අභියාචනාධිකරණය  අද නියම කළේය.

මෙම පෙත්සම විභාග කිරීමට අභියාචනාධිකරණයට බලයක් නොමැති බවට නීතිපතිවරයා විසින් මතු කර තිබෙන මූලික විරෝධතාව පිළිබඳව වැඩිදුර කරුණු දැක්වීම හෙට දිනට කල් තබා ඇත.

එම පෙත්සම අද (04) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ, දීපාලි විජේසුන්දර, අචල  වෙංගප්පූලි සහ අර්ජුන ඔබේසේකර යන පංච පුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ  කැඳවනු ලැබුවේය.

 

 

Share on Facebook
Share on Twitter
Please reload

Featured Posts

කොළඹ දිස්ත්‍රික්ක ජන්ද ප්‍රථිඵල - සීතාවක ප්‍රාදේශීය සභාව

February 12, 2018