මෙරට පළමු පුරාණ තාක්ෂණ කෞතුකාගාරය ජනපති අතින් විවෘත කෙරේ....

July 3, 2019

මෙරට පළමු පුරාණ තාක්ෂණ කෞතුකාගාරය සහ පුස්තකාලය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් අද (03) පෙරවරුවේ පොළොන්නරුවේ දී විවෘත කෙරිණි.

නූනත යුගයට ගැළපෙන නවීන තාක්ෂණය යොදාගෙන මිනිස් සංහතිය සතු වූ ඉපැරණි තාක්ෂණය අද වෙසෙන ජනතාවට අවබෝධ කර දීමක් ලෙස මෙම කෞතුගාකාරය හැදින්විය හැකි අතර මෙය මෑතකාලීනව සිදු කෙරුණු විශාලතම ව්‍යාපෘතියකි.

පෞරාණික දේශීය තාක්ෂණයට අයත් කෞතුක භාණ්ඩ එක් රැස් කිරීම හා ඒවා මතු පරපුරට සංරක්ෂණය කිරීම ද මෙම කෞතුකාගාරය පිහිටුවීමේ අරමුණ වී තිබෙන අතර, වත්මන් තාක්ෂණික යුගයට අයත් නවීනතම කෞතුකාගාරයක තිබිය යුතු අංගෝපාංගවලින් මෙම කෞතුකාගාරය සමන්විත ය.

 

 

 

 

 

 

 

 

 

 

 

 

Share on Facebook