මහවැලි ඉඩම් ඔප්පු ප්‍රදානෝත්සවය ජනපති ප්‍රධානත්වයෙන්...

July 3, 2019

මහවැලි ජනපදිකයන් වෙත ඉඩම් ඔප්පු අටදහසක් ප්‍රදානය වෙනුවෙන් සංවිධානය කළ විශේෂ උත්සවයක්  ඊයේ

 

 

 

 

 

 (02) පස්වරුවේ පොළොන්නරුව, සිරිපුර මධ්‍ය මහා විද්‍යාලයේ දී පැවත්විණි.

 

ඔප්පු ප්‍රදානය සංකේතවත් කරමින් කිහිප දෙනෙකු වෙත ඉඩම් ඔප්පු පිළිගැන්වීම ජනාධිපතිතුමා අතින් සිදු විය.

 

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ශාන් විජයලාල් ද සිල්වා, උතුරු මැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක, අනෝමා ගමගේ, ඉසුර දේවප්‍රිය, චාමර සම්පත් දසනායක, පී දයාරත්න යන මහත්වරුන් ඇතුථ මැති ඇමතිවරු පිරිසක් ද, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක, මහවැලි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඩී.එම්.එස්. දිසානායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Share on Facebook