ජාත්‍යන්තරය ජයගත් නිර්මාණකරුවන් ජනපතිගේ ඇගැයීමට....

July 3, 2019

ජාත්‍යන්තරය ජයගත් නිර්මාණකරුවන් ජනපතිගේ ඇගැයීමට මෙම වසරේ පැවති ජාත්‍යන්තර සිනමා හා රූපවාහිනි සම්මාන උලෙළවල දී විශේෂ සම්මානයට පාත්‍ර වූ සිනමාවේදීන් සහ නිර්මාණකරුවන් ඇගැයීමට ලක් කරමින් ඔවුන්ගේ ඉදිරි කලා කටයුතු වෙනුවෙන් මුදල් ප්‍රදානයන් සිදු කිරීම ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින්  ඊයේ

 

 (02) පෙරවරුවේ ජනධිපති කාර්යාලයේ දී සිදු විය. ප්‍රංශයේ නීස් සම්මාන උලෙළ, ජපානයේ ඔසාකා ආසියානු සිනමා උලෙළ සහ මොස්කව් නුවර පැවති අන්තර්⁄ජාතික සිනමා හා රූපවාහිනි සම්මාන උලෙළේ දී සම්මාන හිමිකරගත් ශ්‍රී ලාංකික සිනමා සහ රූපවාහිනි නිර්මාණවේදීන් මෙහි දී ඇගැයීමට ලක් කෙරුණු අතර ඒ අනුව නීටා ප්‍රනාන්දු, නිල්මිණි සිගේරා, කුමාර කරව්දෙණිය, ශිරාන් රත්නායක, රංග බණ්ඩාරනායක, අතුල පීරිස්, නිශාදි බණ්ඩාරනායක යන මහත්ම මහත්මීන් ජනාධිපතිතුමාගේ ඇගැයීමට පාත්‍ර විය.

Share on Facebook
Share on Twitter
Please reload

Featured Posts

කොළඹ දිස්ත්‍රික්ක ජන්ද ප්‍රථිඵල - සීතාවක ප්‍රාදේශීය සභාව