අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ ඉන්දියානුවන්....

July 3, 2019

මෙවර ලෝක කුසලාන  ක්‍රිකට් තරඟාවලියේ අවසන් පූර්ව 
වටයට සුදුසුකම් ලබා ගැනීමට ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම 
ඊයේ සමත් වුණා....

ඒ බංගලාදේශය සමග පැවති තරගයෙන් ලකුණු 28 ක
ජයක් ලබා ගැනීමෙනි....

බංගලාදේශය සමග පැවති තරඟයේ පළමුව පන්දුවට පහරදුන්
ඉන්දීය  කණ්ඩායම නියමිත පන්දුවාර 50 කඩුළු 9 ක් දැවී 
ලකුණු 314 ක් එක් රැස් කළා...

ලකුණු 315 ජයග්‍රාහී ඉලක්කය කරා හඹා ගිය 
බංගලාදේශ කණ්ඩායම පන්දුවාර 48 ක් අවසානයේ 
සියලුදෙනා දැවී රැස් කර ගත හැකිවූයේ 286 ක් පමනි...

 

 

Share on Facebook
Share on Twitter