රෝහිතට එරෙහි නඩුව කල් යයි......

June 27, 2019

හිටපු අමාත්‍ය  සහ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කර ඇති නඩුවේ සාක්ෂි විභාගය අගෝස්තු මස 30 වැනිදා යළි ආරම්භ කිරීමට කොළඹ මහාධිකරණය නියම කළේය.

 

මෙම නඩුව අද(27) කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි මහතා ඉදිරියේ කැඳවනු ලැබු අතර

එහිදී විනිසුරුවරයා නියම කළේ නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය අගෝස්තු මස 30 වනදා සහ සැප්තැම්බර් මස 10 වනදා පවත්වන බවයි.

 

2004 වසර සහ 2006 වසර දක්වා කාලසීමාව තුළ අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරමින් සිටියදී 

 

සිය නීතියානුකූල ආදායම ඉක්මවා රුපියල් මිලියන හතළිස් 41.2 ක වත්කම් අයථා ලෙස උපයා ගැනීම මොහුට විරුද්ධව පැවරී ඇති නඩුවයි....

Share on Facebook
Share on Twitter
Please reload

Featured Posts

කොළඹ දිස්ත්‍රික්ක ජන්ද ප්‍රථිඵල - සීතාවක ප්‍රාදේශීය සභාව

February 12, 2018