ඝාතන සිදුවීමකට අදාළ නවදෙනෙකු නිදොස් කොට නිදහස් කෙරේ.....

June 26, 2019

 

2016 වසරේ මට්ටක්කුලිය, සමිට් පුර ප්‍රදේශයේදී පුද්ගලයින් පස් දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි විත්තිකරුවන් නව දෙනෙකු නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය නියම කළේය.

 

කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි මහතා විසින් මෙම තීන්දුව ලබා දුන්නේය.

 

තීන්දුව ලබාදෙමින් විනිසුරුවරයා සඳහන් කර සිටියේ පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි ලබාදුන් පුද්ගලයින්ගේ සාක්ෂි වල බරපතළ ඌනතා සහ පරස්පරතාවයක් දක්නට තිබෙන බවයි.

Share on Facebook
Share on Twitter