ඥානසාර හිමියන්ට විදෙස්ගත වීමට අවසර......

June 7, 2019

බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට එරෙහිව පනවා තිබෙන විදෙස් ගමන් තහනම ලබන අගෝස්තු මස 23 වැනිදා දක්වා ඉවත් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

 

මෙම පැමිණිල්ල අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා ද සිල්වා මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබීය.

2020 ආරම්භ කිරීමට නියමිත ජපන් ශිෂ්‍යත්වයක් සදහා
ඥානසාර හිමියන්ට ජපානයේ සංචාරය කිරීමට අවශ්‍ය බවට
ඥානසාර හිමියන්ගේ නීතීඥවරයා විසින් පහදා දීමත් සමග 
මීළඟ නඩු දිනය තෙක් විදේශගත වීමට අවසර ලබා දීමට 
මහෙස්ත්‍රාත්වරිය  කටයුතු කරනු ලැබුවා... 

 

.ස්වාමීන් වහන්සේට අධිකරණයට පැමිණීමට අපහසු අවස්ථාවක සිය නීතිඥවරයා මාර්ගයෙන් නඩුව පවත්වාගෙන යාමට හැකියාව තිබෙන බව ද මහේස්ත්‍රාත්වරයා දන්වා සිටියේය.

ඒ අනුව පැමිණිල්ල නැවත ලබන අගෝස්තු මස 23 වනදා යළි කැඳවීමට නියම කළ මහේස්ත්‍රාත්වරිය එතෙක් ඥාණසාර හිමියන්ට විදේශ ගත වීමට අවසර ලබා දුන්නේය.

 

 

Share on Facebook
Share on Twitter
Please reload

Featured Posts

කොළඹ දිස්ත්‍රික්ක ජන්ද ප්‍රථිඵල - සීතාවක ප්‍රාදේශීය සභාව

February 12, 2018