ලෝක කුසලාන එංගලන්ත පකිස්ථාන තරඟාවලියේ ජය පකිස්ථානයට....

June 4, 2019

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඊයේ(03) පැවති එංගලන්තය සහ පකිස්ථානය අතර තරගයෙන් පකිස්ථානය තියුණු ජයක් වාර්තා කර තිබේ.මෙය ඊයේ දින ට්‍රෙන්ට් බ්‍රිජ් හිදී පැවැත් විණි.

 

පළමුව කාසියේ වාසිය දිනූ එංගන්තය පළමුවෙන් පහරදීමට පකිස්ථානයට ආරාධනා කළ අතර ඔවුන් පන්දු වාර 50 අවසානයේදී කඩුලු 8කට ලකුණු 348ක් ලබා ගැනීමට සමත් විය. එහිදී පකිස්ථානය වෙනුවෙන් මොහොමඩ් හෆීස් ලකුණු 84ක් රැස් කළ අතර බාබර් අසාම් ලකුණු 63ක් ද සර්ෆාස් අහමඩ් ලකුනු 55ක් රැස් කළහ.

 

නමුත් පන්දුවාර 50 තුළ එංගලන්නයට රැස්කර ගැනීමට හැකි වූයේ කඩුලු 9ක් දැවී ලකුණු 334ක් පමණි.

 

 

තියුණු මුහුණුවරක් ගත් මෙම තරගය ලකුණු 14කින් විශිෂ්ඨ ලෙස ජයගැනීමට පකිස්ථානය සමත් විය.

Share on Facebook
Share on Twitter
Please reload

Featured Posts

කොළඹ දිස්ත්‍රික්ක ජන්ද ප්‍රථිඵල - සීතාවක ප්‍රාදේශීය සභාව