මාස 3 කට පසු පකිස්ථාන් ශ්‍රී ලංකා ගුවන් ගමන් යළි ඇරඹේ....

June 1, 2019

පාකිස්තාන සහ ශ්‍රී ලංකාව අතර ගුවන් ගමන් අද  දහවල් සිට යළි ක්‍රියාත්මක වීම ආරම්භ කර තිබේ.

 

එය මාස තුනකට අධික කාලයක් අත් හිටුවා තිබිණ.

 

 

පාකිස්තානය සහ ඉන්දියාව අතර ඇති වු යුධමය වාතාවරණය හේතුවෙන් හා පාකිස්තාන රජය එරට ගුවන් කලාපය වසා දැමීම පෙබරවාරි 27 සිදුකෙරිණ. එ අනුව ශ්‍රී ලංකා පකිස්ථාන ගුවන් ගමන් අත්හිටවනු ලැබිණ. 

 ඒ අනුවපාකිස්තානයේ වානිජ අග නගරය වන කරච්චි නුවර වෙත ප්‍රථම ගුවන් යානය අද (01) දින දහවල් 12.20 ට කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබේ. එය කරච්චි නුවර වෙත පස්වරු 3.10 ට ළගා වීමට නියමිතයි.

Share on Facebook
Share on Twitter