ශ්‍රී ලංකා සංගීත කණ්ඩායම් සංසඳය ජනපති හමු වෙයි.....

May 25, 2019

ශ්‍රී ලංකා සංගීත කණ්ඩායම් සංසඳයේ සාමාජිකයන් ඊයේ (24) දහවල් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමු විය.

 

 

 

 

 

රට තුළ පසුගිය දා ඇති වූ තත්වයත් සමඟ ආරක්ෂක හේතුන් මත සංගීත ප්‍රසංග පැවැත්වීමට නොහැකිවීම හේතුවෙන් මතුව ඇති ගැටලුව සහ ක්ෂේත්‍රයට අදාළ වෙනත් ගැටලු කිහිපයක් මෙහි දී ඔවුන් ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කළහ.

එම සියලු ගැටලු කෙරෙහි අවධානය යොමු කළ ජනාධිපතිතුමා ඔවුන්ගේ ඉදිරි කටයුතු වෙනුවෙන් රජයෙන් ලබාදිය හැකි සහයෝගය ලබාදීමට පියවර ගන්නා බව ප්‍රකාශ කළේය.

Share on Facebook
Share on Twitter
Please reload

Featured Posts