පළමු පෙරපුහුණුව අද ඇරඹෙයි.....

May 24, 2019

ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ පෙර පුහුණු තරග අද (24) සිට ආරම්භවේ.

 

අද දිනයේ තරග 02ක් පැවැත්වෙන අතර ශ‍්‍රී ලංකාව ද ඉන් එක් තරගයකට සහභාගීවීමට නියමිතයි.

 

ශ‍්‍රී ලංකා කණ්ඩායම මෙහිදී තරග වදින්නේ දකුණු අපි‍්‍රකානු කණ්ඩායමට එරෙහිවයි.

එම පෙර පුහුණු තරගය මෙරට වේලාවෙන් පස්වරු 03 ට කාඩිෆ්හිදී ආරම්භවීමට නියමිතව තිබේ.

 

ශ‍්‍රී ලංකාව සහභාගී වන දෙවන පෙර පුහුණු තරගය ලබන ඉරිදා පැවැත්වෙන්නේ ඔස්ටේ‍්‍රලියාවට එරෙහිවයි.

Share on Facebook
Share on Twitter
Please reload