ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර නව සහයෝගිතා වැඩපිළිවෙළක්...
April 9, 2019
නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම සහ මිනිස් සංක්‍රමණික ජාවාරම මැඬලීමේ දී ඉන්දියාව සහ ශ්‍රී ලංකාව නව සහයෝගිතා වැඩපිළිවෙළක් ඔස්සේ කටයුතු කිරීමට එකඟතාව පළ කෙරේ.
ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඉන්දිය ආරක්ෂක ලේකම් සංජේ මිත්‍රා මහතා ඊයේ


(08) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමු වූ අවස්ථාවේ දී මේ පිළිබඳ සාකච්ඡාවට ලක් කෙරිණි.
කලාපීය ආරක්ෂාව වෙනුවෙන් නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම සහ මිනිස් ජාවාරම මැඬලීමේ දී ඉන්දු ශ්‍රී ලංකා සහයෝගිතාව තුළ පුළුල් අවබෝධයකින් සහ එකඟතාවයකින් කටයුතු කිරීම පිළිබඳ මෙහි දී අවධානය යොමු විය.
Please reload