මැණික් කොල්ලයකට 5 ක් අත්අඩංගුවට....

March 12, 2019

මැණික් ගල් තුනක් මිලදීගන්නා මුවාවෙන් පැමිණ කොල්ල කෑ මොංගෝලියානු ජාතික කාන්තාවක්, පාතාල සාමාජිකයකු ඇතුළු පුද්ගලයන් පස්දෙනෙකු කලුතර දිසා අපරාධ ඒකක විසින් අද (12) මීගමුවේදී අත්අඩංගුවට ගෙන තිබේ.

 

මෙම මැණික් ගල් තුනේ වටිනාකම රුපියල් කෝටි පහකට ආසන්නවේ. 

 

රත්නපුරේ මැණික් ව්‍යාපාරිකයකු සතුව මෙම මැණික් ගල් විදේශීය කාන්තාවකට විකිණිමේ පොරොන්දුව මත හිඹුටාන ප්‍රදේශයේ පුද්ගලයකු විසින් මෙම ව්‍යාපාරිකයාව කලුතර උතුර හෝටලයකට කැඳවා මැණික් කොල්ල කෑම සිදුකර ඇත.

 

මේ අතර

 

සෙරන්ඩිබ් වර්ගයේ කැරට් 36.24ක් බර මැණික් ගලක්, ග්‍රෑම් 25.5ක් බර පුෂ්පරාග මැණික් ගලක්, ස්වාභාවික නිල් සෆායර් වර්ගයේ ග්‍රෑම් 10ක් බර මැණිකක් සහ සුඛෝපභෝගී මෝටර් රථයක්ද පොලිසිය බාරයට ගෙන ඇත.

Share on Facebook
Share on Twitter
Please reload

Featured Posts

කොළඹ දිස්ත්‍රික්ක ජන්ද ප්‍රථිඵල - සීතාවක ප්‍රාදේශීය සභාව

February 12, 2018