නවීන තාක්ෂණයෙන් යුත් නව තේ කම්හලක්.......

January 31, 2019

මුල්ලේරියාව, අඹතලේ ප්‍රදේශයේ ස්ථාපිත කරන ලද මැක්සිම්ස් හෝල්ඩින්ග්ස් (Maxims Holdings) සමාගමේ නව තේ කර්මාන්ත ශාලාව ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් විවෘත කෙරිණි.

 

මෙය රුපියල් බිලියන 02 ක මුදලක් ආයෝජනය කරමින් ඉදිකර ඇත...

 

 

 

 

මෙරට ඉදිකෙරුණු නවීනතම තාක්‍ෂණයෙන් යුතු තේ කර්මාන්තශාලාව ලෙස සැලකෙන මෙය පරිගණක ගත කළ වර්ග අඩි 65,000ක් වන නවීන ගබඩා සංකීර්ණයකින්, නව්‍යතාවයෙන් යුතු කාර්යා, සංකීර්ණයකින්, තේ සැකසීම, ඇසුරුම් කිරීම ආදිය සඳහා නවීන යන්ත‍්‍ර සූත‍්‍ර ආදියෙන් මෙන්ම සේවක සේවිකාවන් සදහා සෞඛ්‍ය පහසුකම් ඇතුළු සෙසු පහසුකම් රැසකින් සමන්විතය. මෙරට කුඩා හා මධ්‍ය පරිමාණ තේ නිෂ්පාදන සමාගම් සඳහා උසස් මට්ටමින් තේ කුඩු ඇසුරුම් කරදීමේ කටයුතු ද මෙම නව කර්මාන්තශාලාව ඔස්සේ සිදුකිරීමට මැක්සිම්ස් හෝල්ඩින්ග්ස් සමාගම පියවර ගෙන ඇත. එම සමාගමේ අනු ආයතනයක් වන යුරෝ ඒෂියා තේ සන්නාමය දේශීය හා විදේශීස සම්මාන ගණනාවක් ලබාගනිමින් මෙරට තේ අපනයන ක්‍ෂ්ත‍්‍රයට නව වටිනාකම් එක්කර ඇත.

 

Share on Facebook
Share on Twitter
Please reload

Featured Posts