දෑස් අහිමි දරුවන්ගේ පැතුම් ඉටුකළ ජනපති........

January 23, 2019

ජනාධිපතිතුමාගෙන් සර්පිනාවක් ඉල්ලු රුවන්වැල්ල ප‍්‍රදේශයේ පදිංචි දෘෂ්‍යාබාධිත දැරියක් වූ සංජලී නයනතාරා දැරියගේ සහ ඇයගේ දෘෂ්‍යාබාධිත සොහොයුරා වන ගිම්හාන නයනජිත් සිසුවාගේ ඉල්ලීම ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ඉටුකර දුන්නේය.

 

ජනාධිපති ධුරයට සිව් වසරක් සපිරීම නිමිත්තෙන් පසුගිය ජනවාරි 12 වනදා ජනාධිපතිතුමාට ආශිර්වාද පතා රුවන්වැල්ල ලෙවන්ගම සදානන්ද පිරිවෙන් විහාරස්ථානයේ පැවති වැඩසටහන සඳහා සහභාගීවීමට යන අතරතුර දී ජනාධිපතිතුමා අසලට පැමිණි මෙම දරුවන් තම අහිංසක ඉල්ලීම ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කළේය.

 

 

 

 

එහිදී දරුවන්ට වූ පොරොන්දුව අනුව නව සර්පිනාවක් සහ එම දරුවන්ගේ පවුලේ සුබසාධන කටයුතු සඳහා රුපියල් ලක්ෂ 10 ක මුදලක් පරිත්‍යාග කිරීම ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිතුමා අතින් සිදු විය..

Share on Facebook
Share on Twitter
Please reload

Featured Posts