ජනපති සිංගප්පූරුව බලා පිටත් වෙයි.....

January 23, 2019

එක්සත් ජාතීන්ගේ ආසියානු කලාපීය පරිසර අමාත්‍යවරුන්ගේ සහ පරිසර ආයතන ප්‍රධානීන්ගේ සමුළුවේ ප්‍රධාන දේශනය පැවැත්වීමට ජනපති සිංගප්පූරුවට ...

 

 

එක්සත් ජාතීන්ගේ ආසියානු කලාපීය පරිසර අමාත්‍යවරුන්ගේ සහ පරිසර ආයතන ප්‍රධානීන්ගේ සමුළුවේ ප්‍රධාන දේශකයා ලෙස සහභාගීවීමට ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද (23) පෙරවරුවේ සිංගප්පූරුව බලා පිටත්ව ගියේය.

 

මෙම 25 වැනි දා සිංගප්පූරුවේ මරීනා බේ සෑන්ඩ්ස් ප්‍රදර්ශන සහ සම්මේලන මධ්‍යස්ථානයේ දී මෙම සමුළුව පැවැත්වෙන අතර රටවල් 40 ක් නියෝජනය කරමින් පරිසර අමාත්‍යවරුන් ඇතුළු ඉහළ පෙළේ නියෝජිතයන් ඊට එක් වෙයි.

 

ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සිය දෙදින නිල සංචාරය තුළ දී සිංගප්පූරු ජනාධිපතිවරයා මෙන්ම අග්‍රාමාත්‍යවරයා සමග ද සාකච්ඡා පැවැත්වීමට නියමිතය. 

Share on Facebook
Share on Twitter
Please reload

Featured Posts

කොළඹ දිස්ත්‍රික්ක ජන්ද ප්‍රථිඵල - සීතාවක ප්‍රාදේශීය සභාව

February 12, 2018