ශ‍්‍රී ලංකා – පිලිපීන රාජ්‍ය නායකයෝ හමු වෙති....

January 17, 2019

ශ‍්‍රී ලංකාව සහ පිලිපීනය අතර ආර්ථික සහ වෙළෙඳ සබඳතා නව ක්ෂේත‍්‍ර ඔස්සේ යළි පණ ගැන්වීම සඳහා ආර්ථික කවුන්සිලයක් පිහිටුවා ගැනීම පිළිබඳ දෙරටේ රාජ්‍ය නායකයන්ගේ අවධානය යොමු වෙයි.

 

පිලිපීනයේ සිව් දින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ පිලිපීන ජනාධිපති රොඞ්රිගෝ ඩියුටර්ට් (Rodrigo Duterte) මැතිතුමා අතර නිල හමුව  ඊයේ දින(16) පස්වරුවේ සිදු වූ අතර එහිදී මේ පිළිබද රාජ්‍ය නායකයන්ගේ අවධානය යොමු කෙරිණි.

 

එරට ජනාධිපති මන්දිරය වන මලකන්යන්ග් පැලස් (Malacanang Palace) වෙත ඊයේ  පස්වරුවේ ගිය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා පිලිපීන ජනාධිපති රොඞ්රිගෝ ඩියුටර්ට් මැතිතුමා විසින් ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබීය.

 

හමුදා උත්තමාචාර පිළිගන්වමින් අභිමානවත් අයුරින් මෙම පිළිගැනීම සිදු වූ අතර කුඩා දරු දැරියන් ද ශ‍්‍රී ලංකා සහ පිලිපීන ජාතක ධජ ළෙලවමින් ඊට එක්ව සිටියහ.

 

 

 

 

 

 

 

 

 

 

 

එමෙන්ම සංස්කෘතිකාංග රැසකින් ද මෙම අවස්ථාව වර්ණවත් විය.

Share on Facebook
Share on Twitter