ජනපති රටටත් සම්බුද්ධ ශාසනයටත් ලැබූ දායාදයක්...

January 10, 2019

ජනාධිපතිවරයා අද රටත්, සම්බුද්ධ ශාසනයත් වෙනුවෙන් ඉටු කරමින් සිටින්නේ උදාර මෙහෙවරක් බව මල්වතු අනුනායක දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියෝ පවසයි..

 

මහ මන්දිර බැහැර කරමින් පොදු ජනතාව අතර සිට ජනතාවට සේවය කරන ජනපති අද රටත්, සම්බුද්ධ ශාසනයත් වෙනුවෙන් ඉටු කරමින් සිටින්නේ උදාර මෙහෙවරක් බව ස්‍යාමෝපාලි මහානිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ අනුනායක, අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ ශ්‍රී සරණංකර විමලධම්මාභිධාන අනුනායක ස්වාමින් වහන්සේ ප්‍රකාශ කරයි.

මත්ද්‍රව්‍ය වැනි බිහිසුණු උවදුරුවලින් සමාජය ගලවා ගනිමින් අධ්‍යාත්මික ගුණවගාවෙන් රටත් ජනතාවත් සුපෝෂණය කිරීමට ඉකුත් සිව් වසර තුළ ජනපතිගේ නායකත්වයෙන් සුවිශේෂී වැඩකොටසක් ඉටු වූ බව සඳහන් කළ උන්වහන්සේ, ඉදිරි වසර පමණක් නොව තවත් වසර 05 ක් මේ රටේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කරමින් රටේත් ජාතියේත්, සෞභාග්‍ය වෙනුවෙන් කටයුතු කරන්නැයි ජනාධිපතිවරයාට ආරාධනා කරන බව ද ප්‍රකාශ කළේය.

 

මල්වතු අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම අනුනායක ස්වාමින් වහන්සේ මේ බව ප්‍රකාශ කළේ විහාරස්ථාන වෙත පූජා භූමි ඔප්පු ප්‍රදානය කිරීම වෙනුවෙන් ඊයේ දින  (09) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවය අමතමිනි.

 

සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා දිවයින පුරා විහාරස්ථාන
වෙත පූජා භූමි ඔප්පු ප්‍රදානය කිරීම සංකේතවත් කරගනිමින් 

 

 

 

 

 

 

 


මෙහිදි විහාරස්ථාන 60ක් වෙත ඔප්පු ප්‍රදානය  ජනපතිගේ 
ප්‍රධානත්වයෙන් සිදුකෙරිණ.. ...

Share on Facebook
Share on Twitter