ජනපති රුවන්වැලි සෑය අභියස විශේෂ ආගමික වතාවත්වල....

January 1, 2019

ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඊයේ (31) පස්වරුවේ ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිදුන් වැද පුදාගෙන ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව රුවන්වැලි මහා සෑය අභියස පැවති ආගමික වතාවත් සඳහා ද එක් වූවා.....

 

පසුව ස්වර්ණමාලී මහා සෑ රඳුන් උදෙසා සිදුකරන ලද විශේෂ මුරුතැන් දානමය පූජාව සඳහා ද සහභාගී වී ආශිර්වාද ලබා ගත් එතුමා රුවන්වැලි සෑය විහාරාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නායක හිමිපාණන් වහන්සේ බැහැ දැක උන්වහන්සේගේ සුවදුක් විමසා ආශිර්වාද ලබා ගත්තා...

 

මේ අතර රුවන්වැලි සෑය පුදබිම පරිශ්‍රයේ සේපාලිකා පැළයක් රෝපණය කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.