ඉල්ලා අස්වීමෙන් පසු මහින්දගෙන් විශේෂ ප්‍රකාශයක්.....

December 15, 2018

අද දින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විශේෂ ප්‍රකාශයක්
කරමින් කියා සිටියේ මහමැතිවරණයකින් තොරව අගමැතිධූරය 
දැරීමට තමන්ට කිසිදු බලාපොරොත්තුවක් නොමැති බවත් 
ඒ හේතුවෙන් තීන්දු තීරණ ගැනීමේදී ජනාධිපතිවරයාට 
අවහිරයක් නොවී ධූරයෙන් ඉවත් වී අලුත් ආණ්ඩුවක් 
පිහිටුවීමට ජනාධිපතිවරයාට ඉඩ දෙන බවත්ය...

 

තවද ඒකාබද්ධ විපක්ෂයත් ආණ්ඩුවේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ශවයත් එක් වූ විට මෙරට ඡන්ද 54%ක් නියෝජනය කරන බවත් උතුරු ,නැගෙනහිර සහ කඳුකර ඡන්ද පදනමකින් පක්ෂ ගණනාවක එකතුවෙන් රටට එරෙහිව  ගොඩනැගෙන බලවේග වලට විරුද්ධව නැගී සිටීම කිසිවෙකුටත් නැවැත්විය නොහැකි බවත්ය මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් අවධාරණය කර තිබෙනවා...

 

දැනට ප්‍රමාදව පවතින පළාත් සභා ජන්දය පවත්වා ගැනීම තම ප්‍රධාන ඉලක්කය වන අතරම ඔක්තොබර් 26 අගමැතිවරයා වශයෙන්  දිවුරුම් දෙනු ලැබූවේ ජනවාරි 5 පැවැත්වීමට නියමිතව තිබු මහ මැතිවරණයදක්වා අන්තර්කාලීන පාලනයකට වන බවත් මෙහිදී මහින්ද රාජපක්ෂ මහතා වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියා...

 


 

Share on Facebook
Share on Twitter