තරුවක වතගොත (ගායන ශිල්පී ප්‍රගීත් දේශාන්)

December 11, 2018

ඔබ ගාව මට ඉන්න ගීතයෙන්  අපි ගාවට ආපු ආදරණීය  නවක තරුවක් තමයි ප්‍රගීත් දේශාන් කියන්නේ.. අද තරුවක  වතගොත තුලින් ප්‍රගීත්ව එකතු කර ගන්න හිතුවා කොහොමද මේ දවස් වල කලා කටයුතු කියලා දැනගන්න...

 

 

 

"සතුටකුත්  තියෙනවා..දුකකුත් තියෙනවා..හොද ඒවා තිබුණට එකම විදිය.."

 

01. ප්‍රගීත් මුලින්ම අපි ඔයා ගැන කියමුද ?

 

මම ප්‍රගීත් දේශාන්..මගේ පවුලේ මමයි අම්මා තාත්තා අක්කලා 2 යි.
මම අධ්‍යාපනය ලැබුවේ පල්ලේබැද්ද  මහා විදුහලෙන්.මම දැනට රැකියාවක නිරත වෙනවා..

 

02.  කොහොමද  ඔබ ගායකයෙක් වෙන්නේ ?

 

මම පොඩි කාලේ ඉදන් Music  කලා..සංගීත වැඩිදුර අධ්‍යනය කරනවා..විවිධ තරග වලට සහභාගී වුණා..ඔය විදියට තමයි..

 

03. කොහොමද ඔබ ගාව මට ඉන්න ගීතයට ලැබෙන ප්‍රතිචාර ?

 

ප්‍රතිචාර ගොඩාක් ලැබෙනවා. මේ ගීතය සජීවී බව රැදුනු ගීතයක්.. Melody,Music   වල සජීවී බව තියෙනවා..මේ ගීතයට හැම  Instrument   එකක්ම Play  කලේ Live   ගීතයේ  Video  එකක් මේ දිනවල කෙරීගෙන යනවා..

 

04. මේ වෙනකොට නවකයන් බොහොමයක් ක්ෂේත්‍රයට ඇවිත්.
මේ තත්ත්වේ ඔබට අභියෝගයක්ද ?

 

අභියෝගයක් කියල හිතක් නෑ.එකම විදියෙ ගීත නිර්මාණ වෙන 
අතරෙ වෙනස්  දෙයක් කලා නම් අභියෝගයක් නෑ...

 

05. වර්තමාන ගීත නිර්මාණ ගැන මොකද හිතන්නේ ?

 

හොදයි..විවිධත්වය ටිකක් අඩු වෙලා තියෙනවා..වචන වල ඒකාකාරි 
ගතියක් වගේම සංගීත නිර්මාණත් එකම Touch  එක තියෙන ගතියක් 
තියෙනවා..නමුත් හොඳ නිර්මාණ බිහිවෙනවා..

 

06. වැඩිපුරම මොනවගේ ගීත නිර්මාණ කරන්නද කැමති ?

 

ආදරේම කියලා නෑ..එකම පැත්තකට කොටු වෙලා ඉන්න  බලාපොරොත්තු නෑ.හොද පද මාලාවක් ලැබුණොතින් නිර්මාණයක් කරනවා..

 

07. නවකයෙක් විදියට ක්ෂේත්‍රය ගැන මොකද හිතන්නේ ?

 

සතුටකුත් තියෙනවා..දුකකුත් තියෙනවා.මං කලින් කිව්වා වගේ ඒකාකාරි බවින් මිදුනොතින් හොදයි..පරණ දේවලුත් ඇසුරු  කරගෙන නිර්මාණ බිහිවෙනවා නම් වඩා සාර්ථකයි.

 

08. සංගීත කටයුතු වලට අමතරව මොකද කරන්නේ ?

 

රැකියාවක නිරත වෙනවා..ඔකෙස්ට්‍රා   Band   එකක  Sing    කරනවා..

 

09. ඉදිරි කටයුතු සහ බලාපොරොත්තුව ?

 

නව පද මාලාවක් ලැබුණා..ගීතයක් කරන්න බලාපොරොත්තු වෙනවා.
ඔබ ගාව මට ඉන්න ගීතයේ රූප රචනය Release  කරන්න බලාපොරත්තුව
වෙනවා.

 

10. මේ ගමන එද්දි බාධක එහෙම නැතුව නෙමෙයිනේ ?

 

බාධක නම් ගොඩයි.අලුත් අයට නිර්මාණයක් කරලා ඒක එලියට දාගන්න ගියහම තමයි වැඩිපුරම බාධක වලට මුහුණු දෙන්න වෙන්නේ..

 

11. අවසාන වශයෙන් උදව් කරපු අය මතක් කලොත් ?

 

ඔබ ගාව මට ඉන්න ගීතයෙ සංගීත නිර්මාණය කරපු ජගත් සර්..සර් තමයි පොඩි කාලේ ඉදන්ම මාව ඉස්සරහට ගෙනාවේ.ඊට අමතරව සලිත මල්ලි ,ඉරේෂ් අයියා මගේ ගෙදර අය .විශේෂයෙන්ම ඉන්දික සර්.මට ගීතයේ  Video   එක වෙනුවෙන් ගොඩක්ම උදව් කරපු ඉෂාන්.. ඒ වගේම Campus   එකේ ගීතය වෙනුවෙන් උදව් කරපු හැමෝම වගේම  මේ දක්වා මට වචනෙකින් හරි සහය දීපු හැමෝම ආදරන් මතක් කරනවා..

Share on Facebook
Share on Twitter