තරුවක වතගොත (ගායන ශිල්පී රුවන් කුමාර)

December 4, 2018

නවක තරුවක් වෙන රුවන් කුමාරට මේ වෙනකොට සැනසුමක් පතා ගීතයත් සමගින් බොහෝ දෙනාගේ ආදරය දිනා ගන්න අවස්ථාව ලැබිලා තියෙනවා..ඉතින් මේ දවස්වල කලා කටයුතු ගැන දැනගන්න අද දවසේදී තරුවක වතගොත තුලින් අපි සම්බන්ධ කර ගත්තේ ඔහුවයි..

 

 

 

 

 

 

                " හරි දේ කරලා කොහොමහරි ඉදිරියට යන්නයි බලන්නේ"

 

 

01. රුවන් මුලින්ම කියමු ඔයා ගැන ?

 

මම රුවන් කුමාර.මගේ ගම නුවර..මම අධ්‍යාපනය ලැබුවේ අලපනාවල මහා විද්‍යාලයේ.. මා ගායකයෙක් වගේම පද රචකයෙක් විදිහට හදුන්වන්න කැමතියි.

 

02. රුවන් කොහොමද ගායකයෙක් වෙන්නේ ?

 

මගේ ගායනය ,සංගීතයට යොමු වීම ආරම්භ වෙන්නේ  පාසැල් කාලයෙන්මයි.පාසැල් කාලේ සංගීතය විෂයක් විදියට හැදෑරුවා.ඊට පස්සේ වැඩිදුර අධ්‍යාපනය කළා සංගීතය පිළිබදව..මම විශාරද   Exam  දක්වා සංගීතය හදාරලා තියෙනවා..ඊට අමතරව  Reality  වැඩසටහනකට  සහභාගි වුණා.ඔය විදිහට තමා ගායකයෙක් වෙන්නේ..

 

03. ඇයි කලා ක්ෂේත්‍රයට යොමු වෙන්න හිතුවේ ?

 

මගේ තියන දක්ෂතාවය අපතේ යවන් නැතුව  ප්‍රයෝජනයක් ගන්න ඕනේ නිසා..

 

04. ඔබ ගායනයට විතරද දක්ෂතා දක්වන්නේ ?

 

නෑ. ගායනයට අමතරව මට Instruments Play කරන්න වගේම පද රචනය කරන්නත් පුළුවන්..

 

05.  සැනසුමක් පතා ගීතයට කොහොමද ලැබෙන ප්‍රතිචාර ?

 

හොඳයි. වරදක් නැහැ.. හැමෝගෙන්ම හොඳ ප්‍රතිචාර ලැබෙනවා.

 

06.  සැනසුමක් පතා ගීතයට අමතරව කරපු වෙනත් නිර්මාණ ගැන
කතා කළොත් ?

 

පළමු වැනි ගීතය තමයි පාට ගෑව ආදරේ..මේ ගීතය කළේ 2014 වසරේදී.
දෙවෙනි ගීතය නොලැබෙන ඔබේ කියල එකක්.මේ ගීතය  Derana Music Video Awards 

තරගයේ Top 50   තේරුණා.තුන්වැනි ගීතය  තමා සැනසුමක් පතා..

 

07. මේ දවස් වල අලුත් නිර්මාණ මුකුත් කෙරෙනවාද ?

 

තාම හිතලා නෑ. සැනසුමක් පතා ගීතයට  Video එක කරලත් තාම වැඩි
කාලයක් නැති නිසා තව ටික කාලයක් ගිහින්ම තව සින්දුවක් කරන්න හිතන් ඉන්නේ...

 

08. මොකද හිතෙන්නේ මේ වෙද්දි ආපු දුර ගැන ?

 

දැනට ඇවිල්ලා තියෙන දුර ගැන සතුටු වෙනවා.අම්මා හින්දා තමයි මේ තරම් දුර ආවේ.අම්මා තමයි හැමදේටම ලඟින් හිටියේ.

 

09.  මේ තරම් දුරක් එද්දි බාධක නැතුවම නෙමෙයි ?

 

ඔව්. බාධක නම් තාමටත් තියෙනවා. බාධක වලට සැලුනා නම් මේ ගමන මේ විදිහට එන්න බෑ.හරිදේ කරල කොහොමහරි ඉදිරියට එන්නයි බලන්නේ..

 

10.  අනාගතයේදි කොයිවගේ නිර්මාණ කරන්නද බලාපොරොත්තුව  ?

 

නිතරම වෙනසක් කරන්න තමයි උත්සහ කරන්නේ.දැනට කරලා තියෙන  Style එකට වඩා ඉදිරි නිර්මාණ වෙනස් කරන්න හිතන් ඉන්නවා..අදාර ගීත වගේම මව් ගුණ ගීතයකුත් අනිවාර්යෙන්ම 
ඉදිරීයේදී කරන්න බලාපොරොත්තු වෙනවා..

 

11. ගායනයට අමතරව අනාගත බලාපොරොත්තු මොනවාද ?

 

ඉදිරියේදී  Music Composing  පැත්තට  යොමු වෙන්න බලාපොරොත්තු වෙනවා.
දැනට ගායනයට අමතරව රැකියාවකත් න