මහ මැතිවරණයට පක්ෂ තුනක් එකට...

November 13, 2018

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය ඉදිරි මහ මැතිවරණයේදී පුළුල් පෙරමුණක් සහ නව ලකුණක් යටතේ  තරඟ කිරීමට එකඟතාවයකට එළඹ ඇත.

 

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා  අතර ඊයේ දිනයේදි ජනාධිපති ලේකම් කාර්යාලයේදී  පැවති සාකච්ඡාවෙන් අනතුරුවයි මේ බවට ප්‍රකාශ කෙරුණේ.

 

එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණ යටතේ මෙවර මහ මැතිවරණයේදි තරඟ වැදීමට මෙහිදි එකඟතාවය පළ කෙරුණා.

 

මෙම සාකච්ඡාවට එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන පක්ෂ නායකයන් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ  නියෝජනය කරමින් පක්ෂ නායකයන් එක්ව සිටියා..

 

තවද ඉදිරි මැතිවරණ කටයුතු මෙහෙයවීමේ අරමුණෙන්  අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාසහ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක්ද පිහිටවනු ලැබුවා..

 

 

Share on Facebook
Share on Twitter
Please reload

Featured Posts

කොළඹ දිස්ත්‍රික්ක ජන්ද ප්‍රථිඵල - සීතාවක ප්‍රාදේශීය සභාව

February 12, 2018