වර්ගවාදී අර්බූද හමුවේ රටට අහිමි වූ තවත් සම්පතක්

November 12, 2018

වර්ගවාදය යනු අපි කවුරුත් සිතීමටවත් අකමැති මාතෘකාවක්.
මෙකි වර්ගවාදී අර්බූද හමුවේ රටට අහිමි වූ තවත් සම්පතක් ගැනයි මේ සටහන....

 

ඇය නමින් ක්‍රිශාන්ති ඔමාරා විග්නරාජාය. නමුත් මැය ප්‍රසිද්ධ ක්‍රිෂ් විග්නරාජා නමිනි.

ශ්‍රි ලාංකීය දමිළ සම්භවයක්  සහිත, මැය 1980 දී මෙරට පැවති වර්ගවාදී අර්බූද හමුවේ මාස 09ක් පිරුණු ළදරුවෙකු  ලෙස මව සහ පියා සමඟ ඇමරිකාව බලා පිටත් වූවාය.

 

මේරීලන්ඩ් කරා පැමිනි මොවුනට ඒ වන විට පැවති එකම වත්කම වූයේ ඇමරිකානු ඩොලර් 200 ක් පමනි.කෙසේ වුවද, පසුව ක්‍රිෂ්ගේ මව සහා පියා බැල්ටිමෝරා රජයේ පාසල් ගුරුවරුන් ලෙස සේවයට  එක් විය.

 

තම ප්‍රාථමික අධ්‍යාපනය  බැල්ටිමෝරයේ වුඩ් බ්‍රිජ් ප්‍රාථමික පාසලෙන් ආරම්භ කළ මැය උසස් අධ්‍යාපනය ලැබුවේ වුඩ්ලන්ඩ් උසස් පාසලෙනි...

 

ඉගෙනුමට උපන් හපන්කම් පෑ මැය යේල් සරසවියෙන් දේශපාලනය  විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ලබා
ගැනීමටද සමත් වූවාය. බුද්ධිමත් තරුණ සිසුන්ට හිමිවන මාර්ෂල් ශිෂ්‍යත්වයද ලබා ගත්
ක්‍රිෂ් යේල් නීති විද්‍යාලයෙන් නීති උපාධියද සම්පූර්ණ කළාය..

 

ඉන් අනතුරුව නීති ක්ෂේත්‍රයේ රැකියා කිහිපයකම නිරත වූ ක්‍රිෂ්  2011 ඔක්තෝබර්  මස රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ලේකම්වරු වූ විලියම් බර්න්ස් සහ තෝමස් නයිඩ්ස් දෙදෙනාගේ ජ්‍යෙෂ්ඨ උපදේශිකාව ලෙස කටයුතු කළාය.
ජොර්ජ් ටවුන් විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර නීතිය සහ ඇමෙරිකානු විදේශ ප්‍රතිපත්ති පිළිබඳ දේශකවරියක් ලෙස කටයුතු කළ මැය 2015 මුල් භාගයේ  මිෂෙල් ඔබාමාගේ නව ප්‍රතිපත්ති අධ්‍යක්ෂක ධූරයද හෙබවූවාය..


පසුව ජෙනරේෂන් ඉම්පැක්ට් නමින් තමන්ගේම සමාගමක් ඇරඹි මැය මේ සියළු අත්දැකීම් ඔස්සේ මේරිලන්ඩ් ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරයට ඩිමොක්‍රටික් පක්ෂය හරහා තරඟ වදින බවට පසුගියදා ප්‍රකාශ කළා..

 

 

Share on Facebook
Share on Twitter