කත්‍රිනාගේ කෙටි පණිවුඩය

June 14, 2018

රන්බීර් කපූර් හා ආලියා භාට් මේ වන විට පෙම්වතුන්ව ඇත. එය ඔවුන්ට රහසක් වුවද ලෝකයාට නම් එය රහසක් නොවන බවට ඉන්දීය පුවත් වාර්තා කරයි. පසුගිය දිනක පැවති රූපවාහිනි වැඩසටහනකට සහභාගී වූ රන්බීර් පවසා ඇත්තේ තම ආදරය කාලයට භාරදී ඇති බවටයි.බොහෝ දෙනා පවසා සිටින්නේ ඔවුන් දෙදෙනා නුදුරේදීම විවාහ වීමට සූදානම්ව සිටින බවයි.

 

රන්බීර් සමගින් වසරකට වඩා වැඩි කාලයක් පෙම්වතුන්ව සිටි කත්‍රිනා කයිෆ් මේ වන විට ආලියා භාට්ගේ හොදම මිතුරියක් බවට පත්ව ඇත. පසුගිය දිනක ඇයගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමෙහි රන්බීර් අලලා උපහාසාත්මක කෙටි පණිවිඩයක් යවා ඇත. එහි සදහන් කර ඇත්තේ 'එය දුටු විට මා විශ්වාස කරමි නැත්නම් අවිශ්වාස කරන්නෙමි කියාය. මන්ද රන්බීර් යනු විවිධ අවස්ථාවල විවිධ චරිත රගපාන කෙනෙක්' නිසා බව ඇය කරුණු දක්වා ඇත.

 

Share on Facebook
Share on Twitter
Please reload

Featured Posts

කොළඹ දිස්ත්‍රික්ක ජන්ද ප්‍රථිඵල - සීතාවක ප්‍රාදේශීය සභාව

February 12, 2018