ගල්කිස්ස කෘත්‍රිම වැලි පෝෂණ ව්‍යාපෘතිය ගැන තතු පහදයි....

පසුගිය වසරේ මාර්තු මාසයේ ආරම්භ වූ ගල්කිස්ස කෘත්‍රිම වැලි පෝෂණ ව්‍යාපෘතියේ වැලි ගල්කිස්ස මුහුදු තීරයේ මීටර් 02ක් පමණ පුරා විහිදී ඇති බවත් එම වැලි ප්‍රමාණයේ විශාල අඩුවීමක් සිදු නොවී ඇති බවත් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සුගත් යාලේගම මහතා පවසයි. ගල්කිස්ස මුහුදු තීරය සංවර්ධන වැඩසටහන පිළිබඳව‍ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සංවිධානය කළ නිරීක්ෂණ චාරිකාවට එක්වමෙන් ඒ මහතා මාධ්‍යවේදීන් වෙත මෙම අදහස් පළකළේය. මෙහිදී අදහස් දැක් වූ අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ මෙම ව්‍යාපෘතියේ සාර්ථකත්වය පිළිබඳව සමාජයේ විවිධ කතිකාවත් ගොඩනැගෙමින් ඇති බවයි. මෙම ව්‍යාපෘතිය එක් වර සැළසුම් කල එකක් නොවන බවත් 2017 වසරේ මෙම ව්‍යාපෘතිය පිළිබඳව මුලින්ම සැළසුම් ඉදිරිපත් වූ බවයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද ගල්කිස්ස වෙරළ තීරණය නිරීක්ෂණය කර මෙම ව්‍යාපෘතිය සඳහා සහය ලබා දුන් බවද කීය. මෙම සංවේදී වෙරළ කළාපයේ වැලි ප්‍රමාණය වැඩි කිරීම තුළින් වෙරළ සංවර්ධනයක් සිදු වි ඇති බවත් , එහෙත් මෙම ව්‍යාපෘතිය සඳහා නිසි පරිසර අධ්‍යනයක් සිදු නොකිරීම පරිපාලනමය වැරැද්දක් බවද ඒ මහතා කීය. ඉදිරියේදී මෙවැනි සංවර්ධන කටයුතු සිදු කිරීමේදී මෙම ප්‍රදේශයේ හෝටල් හිමියන්,ජනතාව සහ පරිසරවේදීන් ඇතුළු සියළු දෙනා සම්බන්ධ කර ගනිමින් නිසි පරිසර අධ්‍යනයක් සිදු කර වඩාත් විනිවිදභාවයෙන් යුතුව සිදු කරන බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා අවධාරණය කළේය. මෙහිදී අදහස් දැක් වූ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු ආර්.ඒ.එස්.රණවක මහතා පැවසුවේ, ගල්කිස්ස මුහුදු තීරය වසර ගණනාවක් තිස්සේ වරින් වර වෙරළ ඛාදනයට ලක් වූ ස්ථානයක් බවයි. මෙම මුහුදු තීරයේ පාර්ශවකරුවන් වූ සංචාරකයන්,ධීවරයන්, මෙම ප්‍රදේශයේ ජනතාව සහ හෝටල් හිමියන් ඇතුළු සියළු දෙනා මෙන්ම මෙම ස්ථානයෙන් යන දුම්රිය මගීන්ගෙන් පවා මෙම වෙරළ ඛාදනය පිළිබඳව වරින් වර වාර්තා වූ බව ඒ මහතා කීය. ඒ අනුව මේ සඳහා ලබා දිය හැකි දිගු කාලීන සහ කෙටි කාළීන විසඳුම් සොයා බැලූ බවත් දීර්ගකාලීන් සහ අන්තර්ජාතික වශයෙන් පිළිගත් ක්‍රමවේදයක් වන වැලි යොදා කරන වෙරළ ප්‍රතිපෝෂණ ව්‍යාපෘතිය ආරම්භ කළ බවයි. දුම්රිය මාර්ගය ආරක්ෂා කර ගැනීම සඳහා ගල් වැටි යෙදීම වැනි කෙටි කාළීන ක්‍රමවේද අනුගමනය කළද ගල් වැටි යේදීම සංචාරක ව්‍යාපාරිකයන්ට, ධීවර කර්මාන්තයේ යෙදෙන්නන්ට අපහසුවක් බැවින් ඔවුන්ගේ අදහස්ද සළකා බලා මෙම ප්‍රතිපෝෂණ ව්‍යාපෘතිය ආරම්භ කර තිබේ. මෙම ගල්කිස්ස වෙරළ සඳහා වැලි මිටර් කියුබ් 150,000ක් යෙදවූ බවත් මීටර් 250ක් වෙරළ දිගට සහ මීටර 100ක් මුහුද දෙසට එම වැලි යෙදවීමට තීරණය කර තිබේ. මෙම ගල්කිස්ස ව්‍යාපෘතිය නිම කළේ අප්‍රේල් මස 22 දින බවත්, කොරෝනා වසංගතය කාලයේ දිත් මෙය ක්‍රියාත්මක කරන බවටද චෝදනා එල්ල වුවද , එසේ කිරිමට සිදු වුයේ, මෙම ව්‍යාපෘතිය ලබා දුන් විදේශීය සමාගමට ලබා දි තිබුණේ මාස 03 ක කාලයක් බැවින් එම ව්‍යාපාතිය නවතා දැමුවේ නම් විදේශීය සමාගමට පැයකට ලක්ෂ 2 බැගින් ගෙවීමට සිදු වන බවද අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේය. අද වන විට මෙම ගල්කිස්ස වෙරළ තීරය අවශ්‍ය ප්‍රමාණයට නිර්මාණය වී ඇති බවත් වෙරළ වර්ධනය වී ඇති බවත් මෙම ව්‍යාපෘතියේ සාර්ථකත්වය අත් විඳිමින් සිටින බවයි.
නිරිත දිග මෝසම් වැස්සට බටහිර වෙරළ තීරයට දැඩි බලපෑම් ඇති කරන බවත් එම මෝසම් වැස්සට ඔරොත්තු දෙන ආකාරයට වැළි යොදා ඇති බවයි. මෝසම් වැස්සට මෙම වැලි ප්‍රමාණය අඩු වුවද මෝසම අවසානයේ නැවතත් වැළි වෙරළට පැමිණ ස්ථායී වන බවයි. බටහිර වෙරළේ වැලි ගමන් කරන්නේ දකුණේ සිට උතුරු දිශාවට බවත් එම වැළි කෘතිමව යෙදූ වැළි ප්‍රමාණය උතුරු දිශාවට යොමු කර ප්‍රතිපෝෂණ ක්‍රියාවලිය නිමා කර සමතුළිත භාවයට පත්වන බවත් අද වන විට එය සාර්ථක වී ඇති බවයි. මෙම පිර වූ වැලි ප්‍රමාණය මීටර් 02ක් ප්‍රමාණය පුරා පැතිර ගොස් ඇති බවත් එම වැලි ප්‍රමාණයේ විශාල අඩු වීමක් සිදු නොවී ඇතැයිද පැවසූ ඒ මහතා මෙම වැලි වෙරළේ සමතුලිතතාවය රැක ගැනීම සඳහා පළමුවෙන්ම වැලි යොදනෙ අවස්ථාවේ එම කොටස සේදී ගොස් වෙරළ ආසන්නම ගැඹුරු මුහුදේ තැන්පත් වන බවත් වෙරළේ ගැඹුර අඩු කර එම අඩු කිරීම තුළින් රළ ගොඩබිම වෙත පැමිණීමේ වේගය අඩු කරන බවයි. මෝසම් අවසානයේ එම වැළි ගොඩබිමට පැමිණ සමතුලිතතාවයය පත් කරන බවත් එහෙත් දිය වැල් වැනි බලපෑම් නිසා වැළි වෙරලේ උතුරු දිශාවට ගමන් කරන බවය‍ෙවෙරළ ප්‍රතිපෝෂණ ක්‍රියාවලියක භාවතා කරන මෙම තාක්ෂණික ක්‍රමවේදය මෙම වෙරළ තීරයටද භාවිතා කළ බවද කීය

ගල්කිස්ස කෘත්‍රිම වැලි පෝෂණ ව්‍යාපෘතිය ගැන තතු පහදයි....