ඊයේ දිනය තුළදී පී.සී.ආර්. පරීක්ෂණ 1282 ක් සිදුකර තිබේ.

අද(11) උදෑසන 10 වන විට කොරෝනා ආසාදිතයින් 22 දෙදෙනෙක් සුවය ලැබු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. අයි.ඩී.එච්, වැලිකන්ද, ඉරණවිල සහ හෝමාගම යන රෝහල් වල ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයින් පිරිසක් මෙලෙස පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය. ඒ අනුව මේ වන විට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදිතයින් 343 දෙනෙකු පූර්ණ සුවය ලබා තිබේ. කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වූ නව රෝගීන් 16 දෙනෙකු ඊයේ(10) දිනයේ දී හඳුනා ගැනීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 863ක් දක්වා ඉහළ ගියේය. ඉන් 13න් දෙනෙකු නාවික හමුදා සාමාජිකයින් වන අතර තවත් පුද්ගලයෙක් නාවික හමුදා සෙබළුන් සමඟ සමීපව ආශ්‍රය කළ අයෙක්. දෙදෙනෙකු ඩුබායිහී සිට මෙරටට පැමිණි පුද්ගලයින් වන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේය. වංසගත රෝග විද්‍යා අංශය පැවසුවේ ඉන් 429 දෙනෙකු නාවික හමුදා සාමාජිකයින් බවයි. තවත් 533 න් දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව වංසගත රෝග විද්‍යා අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි. මේ අතර ඊයේ දිනය තුළදී පී.සී.ආර්. පරීක්ෂණ 1282 ක් සිදුකර තිබේ.

ඊයේ දිනය තුළදී පී.සී.ආර්. පරීක්ෂණ 1282 ක් සිදුකර තිබේ.