ආසාදිතයින් 319ක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

අද (21) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 319ක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථාන 35ක සිටි ආසාදිතයින් පිරිසක් මෙලෙස සුවය ලබා පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේය. ඉන් වැඩිම පිරිසක් දර්ගා නගරයේ පිහිටි ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පිටව ගොස් ඇති අතර එම සංඛ්‍යාව 39කි. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 15,590ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 19,280ක් වන අතර මෙරට කොවිඩ් මරණ 74ක් සිදුව ඇත. කෙසේවෙතත් පුද්ගලයින් 5,616ක් මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

ආසාදිතයින් 319ක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.