අර්නස්ට් පෝරුතොට පියතුමා ස්වර්ගස්ත වුහ....

ශ්‍රී ලාංකේය සිනමාවට මෙන්ම කතෝලික ජනසන්නිවේදන ක්ෂේත්‍රයේ උන්නතියට මහඟු මෙහෙවරක් ඉටු කළ කෘතහස්ත ලේඛකයෙකු වූ ගරු අර්නස්ට් පෝරුතොට පියතුමා වසර 89 ක් ආයු වළදා ඊයේ (16) ස්වර්ගස්ත වුහ. 1931 අගෝස්තු 31 වන දින මාරවිල දී උපත ලද එතුමා මුලික අධ්‍යාපනය ලබන්නේ,මාරවිල රෝමානු කතෝලික විද්‍යාලයෙනි. ඉන්පසුව බොරැල්ලේ ශාන්ත ඇලෝසියස් ,බොරැල්ල ශාන්ත බෙනඩික් පුල්ලේ හා අම්පිටිය ජාතික දෙව්සත් යන දෙව්සත්හලෙන් ද අධ්‍යාපනය හදාරන එතුමා පුජක දිවියට ඇතුළත් වන්නේ,1957 පෙබරවාරි මස 02 දාය.
රෝම විශ්ව විද්‍යාලයකින් ජනසන්නිවේදන උපාධියක් හදාරා ඇති එතුමා ජාතික කතෝලික සිනමා පර්ෂදයේ සහ කතෝලික මාධ්‍ය කේන්ද්‍රයේ අධ්‍යක්ෂවරයා ලෙස ද කටයුතු කර ඇත.අන්තර්ජාතික කතෝලික සිනමා පර්ෂදයේ ආසියානු කාලපිය උප සභාපතිවරයා වශයෙන් ද එතුමා කටයුතු කර තිබේ.
එසේම මෙරට රූපවාහිනි නාලිකාවල විකාශයන්ට සුදුසු ටෙලි නාට්‍ය තේරිම් මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස ද කටයුතු කර ඇත. එතුමාගේ අවසන් කටයුතු හෙට(18) දින සවස 3.00ට අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන දේව මෙහෙයෙන් අනතුරුව සිදු කිරිමට නියමිතය.

අර්නස්ට් පෝරුතොට පියතුමා ස්වර්ගස්ත වුහ....