අධ්‍යාපන අමාත්‍ය සහ කොළඹ අගරදගුරුහිමියන් අතර විශේෂ හමුවක්

අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා සහ කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් පියතුමන් අතර විශේෂ හමුවක් පැවැත්විණි. අධ්‍යාපන විෂය භාර කැබිනට් අමාත්‍ය ජී එල්පීරිස් මහතාගේ මගපෙන්වීම යටතේ මෙරට අධ්‍යාපන පද්ධතිය තුළ ක්‍රියාවට නංවනු ලබන ඉදිරි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් කතෝලික පල්ලි ඇතුළු සමස්ත ප්‍රජාවගේ සහයෝගය ලබාදෙන බවත්, අධ්‍යාපන ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය වෙනුවෙන් ක්‍රියාවට නංවන ඉදිරි සංවර්ධන ක්‍රියාමාර්ග වෙනුවෙන් සිය පූර්ණ දායකත්වය ලබාදීමට සූදානම් බවත් මෙහි දී අගරදගුරු හිමියන් සඳහන් කළේය.
ආගමික සංස්ථාව හා අධ්‍යාපන පද්ධතිය අතර අවියෝජනීය සහසම්බන්ධයක් පවත්වාගැනීමේ වැදගත්කම ද මෙහි දී අගරදගුරු හිමියන් විසින් අවධාරණය කරන ලදී.

HELLORADIO

CONTACT US

077 7 369 324

helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram