top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

  • Writer's picturehelloplanetaviss

T20 තරඟාලිය 2-1ක් ලෙස කොදෙව්වෝ ජයගනී.....



ශ්‍රී ලංකා පිළ සමඟ අද(08) පැවති තරඟයෙන් කඩුළු 3ක තියුණු ජයක් ලබා ගනිමින් විස්සයි-20 තරඟාවලිය 2-1ක් ලෙස ජයග්‍රහණය කිරීමට බටහිර ඉන්දීය කොදෙව් පිළ සමත් විය.

කාසියේ වාසිව දිනා පලමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිළ පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 131ක් ලබා ගත්තේය. එහිදී දිනේෂ් චන්දිමාල් ලකුණු 54ක් හා අශේන් බණ්ඩාර ලකුණු 44ක් රැස් කළා. පන්දු යැවීමේදී කොදෙව් පිලේ ෆේබියන් ඇලන් පන්දුවාර 4කදී ලකුණු 13ක් පමණක් ලබා දෙමින් එක් කඩුල්ලක් ලබා ගැනීමට සමත් විය. ලකුණු 132ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි බටහිර ඉන්දීය කොදෙව් පිළ පන්දුවාර 19කදී කඩුලු 7ක් දැවී ලකුණු 134ක් ලබා ගනිමින් තරඟය ජයග්‍රහණය කිරීමට සමත් විය. කොදෙව් පිළ වෙනුවෙන් ලෙන්ඩි සිමින්ස් ලකුණු 26ක් හා ෆේබියන් ඇලන් වේගවත් ලකුණු 21ක් ලබා ගනිමින් තරඟය ජයග්‍රහණය කරා මෙහෙයවීය. තරඟයේ වීරයා සම්මානය දිනා ගත්තේ පිත්තෙන් හා පන්දුවෙන් දෙකෙන්ම දස්කම් දැක්වූ බටහිර ඉන්දීය කොදෙව් පිලේ ෆේබියන් ඇලන්. දෙරට අතර එක්දින තරඟාවලිය ලබන 10 වනදා පලමු එක්දින තරඟයෙන් ආරම්භ වීමට නියමිතයි



4 views0 comments
bottom of page