top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

  • Writer's picturehelloplanetaviss

QR කෝටාව අලුත් වෙයි - පසුගිය සතියේ වෙන් කළ ඉන්ධන ප්‍රමාණයන්ම ලබාදීමට පියවර


ජාතික ඉන්ධන අවසර පත්‍ර ක්‍රමය යටතේ එක් එක් වාහන සදහා ලබාදෙන ඉන්ධන කෝටාව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට යාවත් කාලීන කෙරුණා. ඒ අනුව මෙම සතිය තුළදීද පසුගිය සතියේ ලබාදුන් ඉන්ධන කෝටාවම එක් එක් වාහන ඛාණ්ඩයන් සදහා ලබාදෙන බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පැවසුවේ. පසුගිය සතියේ දත්ත විශ්ලේෂණය කර හදුනා ගන්නා ගැටළු විසදීම සදහා පද්ධතියේ අවශ්‍ය වෙනස්කම් සිදුකරන බවද අමාත්‍යවරයා නිකුත් කළ ට්විටර් පණිවිඩයේ දැක්වෙනවා.

අගෝස්තු මස පළමු වනදා සිට ඊයේ පස්වරු 4 දක්වා කාලය තුළ QR ක්‍රමයට ඉන්ධන ලබාදීමේ ගණුදෙනු හතලිස් එක් ලක්‍ෂ 72,688 ක් සිදුකර තිබෙනවා.

ඒ යටතේ සපයා ඇති ඉන්ධන ලීටර් ප්‍රමාණය තුන් කෝටි 53 ලක්‍ෂ 62,777 ක්. ඊයේ පස්වරුව වනවිට වාහන පනස් පන් ලක්‍ෂ 33,054 ක් QR ක්‍රමය යටතේ ලියාපදිංචි වී ඇති බවද විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සදහන් කළා.

140 views0 comments
bottom of page