PCR පරීක්ෂණ 1,636 කින් අසාදිතයින් 13ක්-අසාදනය වීමේ ප්‍රවණතාවය ඉතා අඩු ප්‍රතිශතයක්.



PCR පරීක්ෂණ 03 දිනයේ දී 1,636 ක් සිදු කරනු ලැබ ඇති අතර ඉන් ආසාදිතයින් 13 දෙනකු පමණක් හමු වී ඇති අතර ඒ අනුව අසාදනය වීමේ ප්‍රවණතාවය ඉතා අඩු ප්‍රතිශතයක් වන බවත්, අද (04) වන විට වෛරසය අසාදිත වූ කිසිඳු රෝගියෙකු හමු වී නොමැති බවත්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා COVID - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථනයේ දී (04) දින විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් කියා සිටියේ ය.

වැලිසර නාවික හමුදා කඳවුරේ PCR පරීක්ෂණ තවදුරටත් සිදු කරන අතර, වැඩි ආසාදිතයින් පිරිසක් හමු වී ඇත්තේ කඳවුර තුළ නිසා ඔවුන්ගෙන් බාහිර පුද්ගලයින්ට සම්ප්‍රේෂණය වීමේ හැකියාව ඉතාමත් අවම මට්ටමක පවතින බවත්, සුළු පිරිසක් නිවාඩු ලබා පිටව ගොස් සිටි අය වන අතර මේ වන විට එම නිවාඩු ලබා ගිය පිරිස සිටි දිස්ත්‍රික්ක වල PCR පරීක්ෂණ නියැඳි ලෙස සිදු කරමින් බවත්, අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කර සිටියේය. එමෙන්ම, කොළඹ නගරයේ තෝරාගත් ප්‍රදේශ වල තවදුරටත් PCR පරීක්ෂණ සිදු කෙරෙමින් පවතී. ඒ අනුව, රෝහල් තුළ ඉලක්ක ගත ආකාරයෙන් එකී PCR පරීක්ෂණ සිදු කෙරෙන බව ද අනිල් ජාසිංහ මහතා අවධාරණය කළේය.



13 views
Send Us Your Request

Hello Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software’s and unique solutions using Social Media as a tool of communication. Copyright © Hello Digital Media Network 2017