helloplanetaviss
PCR පරීක්ෂණ සංඛ්‍යාව වැඩි කිරීමට කඩිනම් පියවර ගන්නැයි ජනාධිපතිගෙන් බලධාරීන්ට උපදෙස්....

කොවිඩ් රෝගීන් හඳුනාගැනීම සඳහා PCR පරීක්ෂණ සංඛ්‍යාව වැඩි කිරීමට කඩිනම් පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දී තිබේ.
ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දී ඇත්තේ අද (05) පස්වරුවේ පැවති විශේෂ සාකච්ඡාවකදීය.
ගම්පහ දිස්ත්‍රික්කයේ උද්ගතවූ තත්ත්වයත් සමඟ එය මර්දනයට ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය සහ ජනාධිපතිවරයා අතර අද පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සාකච්ඡාවක් පැවැත්වුණි.
මේ අතර හෙට (06) දින රට පුරා ඇඳිරි නීතිය පනවා ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරුවෙමින් පවතින ප්‍රචාර සාවද්‍ය බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි
ජනතාව දැනුවත් කිරීමට ජනාධිපති මාධ්‍ය අංශය හෝ රජයයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව යොමු කරන විශේෂ නිවේදන විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය මගින් පමණක් පළ කෙරෙන අතර අසත්‍ය ප්‍රචාරවලට නොරැවටෙන ලෙසයි රජය ජනතාවගෙන් ඉල්ලා සිටී.