top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

  • Writer's picturehelloplanetaviss

NVQ 05 මට්ටමේ ඩිප්ලෝමා සහතික ප්‍රදානය කෙරේ.....




Diploma in English and Education ' පාඨමාලාව සඳහා නිපුණතා පාදක ඇගයීම් පවත්වා NVQ 05 මට්ටමේ ඩිප්ලෝමා සහතික ප්‍රදානය කෙරේ

නිපුණතා සංවර්ධනය‚ වෘත්තීය අධ්‍යාපන‚ පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමත්‍යංශයට අනුබද්ධ ආයතනයක් ලෙස පවත්නා තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව විසින් වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රය වෙනුවෙන් නව පාඨමාලා සකස් කිරීම, යාවත්කාලීන කිරීම හා පවතින පාඨමාලා පවත්වාගෙන යමින් සෑමවිටම වෘත්තීය අධ්‍යාපනයේ ගුණාත්මක භාවය රැකගැනීමටත්, ඉහළ නැංවීමටත් කටයුතු කරනු ලබයි. එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රම වෙළෙඳපොළ අවශ්‍යතා සලකා බැලීමෙන් අනතුරුව කාර්මික විද්‍යාල මගින් පවත්වාගෙන යන ' Diploma in English and Education ' පාඨමාලාව ' National Diploma in Teaching English as Second Language ' ලෙස පරිවර්තනය කරන ලදි. මෙම පාඨමාලවේ NVQ මට්ටම 05 සඳහා ජාතික නිපුණතා සම්මතයක් (NSC) සකස් කර එය 2016. 06.20 වන දින කොමිෂන් සභාව විසින් අනුමත කර තිබිණ. මෙලෙස ජාතික නිපුණතා සම්මත හඳුන්වාදීමට පෙර කාර්මික විද්‍යාලවල පවත්වන ලද ' Diploma in English and Education ' පාඨමාලාව හැදෑරීම සිදුකළ සිසුන්හට නිපුණතා සම්මතයට අදාළව ඇගයීම් සඳහා පෙනීසිට ' National Diploma in Teaching English as Second Language ' NVQ මට්ටම 05 ලබාගත හැකි බව තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව සඳහන් කරයි. එහිදී යම් අමතර ඉගෙනීමක් අවශ්‍යනම් ඒ සම්බන්ධ වැඩසටහන් සංවිධානය කළ හැකි බව ද, කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, බී.එම්.සී.එන්. බාලසූරිය මහතා ප්‍රකාශ කර සිටියි. එමෙන්ම නිපුණතා පාදක ඇගයීම් කටයුතු සිදුකිරීමට අවශ්‍ය පියවර ගැනීමට සහ NVQ සහතිකපත් නිකුත් කිරීම සඳහා අවශ්‍ය තොරතුරු තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ( තත්ත්ව ආරක්ෂණ හා අගයුම් පාලන ) ඇමතීමෙන් ලබාගත හැකි බවද තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව දන්වා සිටියි.

1 view0 comments
bottom of page